වහාම ක්‍රියාත්මක පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහල දමයි..!

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka
By Sewvandhi Jul 17, 2022 01:08 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද රාත්‍රි 10 සිට ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් සංශෝධනය වී ඇති අතර එහි නව මිල රුපියල් 450ක්.

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 මිල රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 540ක්.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 440ක් වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery