ඉන්ධන ගැන මෙරටින් ඇහෙන අලුත්ම ආරංචිය.. - ඉන්ධන මිල ඉහළ යයි?..
2024 වසරේ ජූනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබා දී අවසන් කර තිබෙනවා.
ඒ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කළේ ය.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බවයි.
ඊයේ (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.
එමෙන්ම මෙරටට ඉන්ධන සැපයීමේ අවස්ථාව චීනයේ සිනොපෙක් සමාගමට ලබාදීමත් සමග වසරකට ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමයක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කරන බව කියා සිටි ඔහු මෙම තත්ත්වය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන ඩොලර් සංචිතයට පැවති අවදානම අවම කර ගැනීමට ද ඉවහල් වී ඇති බව සම්බන්ධයෙන් පැවසීය.
එහි ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත ලබා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා පළමු වතාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක සංචිතයක් පවත්වාගෙන යන බව සඳහන් කළේ ය.
2022 ජනවාරි මාසයේ සිට ක්‍රමයෙන් ඉහළ ගිය බොර තෙල් මිල වසර එකහමාරකට පසු මේ වසරේදී තරමක් පහළ ගියේ ය.
මේ මස පළමුවැනිදා සිට හයවැනිදා දක්වා ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල 4%කින් පමණ අඩු වී තිබෙනවා.
නමුත් පසුගිය කාලයේ ගාසා තීරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ සියලුම ඉන්ධන වර්ගවල මිල යළිත් 4%කින් පමණ ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා කියා සිටියේ ය.
කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් මිළ පහළ යමින් යම් සහනයක් ලැබීමට අපට ලැබුණු දුර්ලභ අවස්ථාව පසුගිය දින කිහිපයක සිට ගිලිහී යන බවක් පෙනෙන්නට ඇති බව එහිදි අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
