ඉන්ධන මිල ගැන තවත් දැනුම්දීමක්..

Fuel Price In Sri Lanka Sri Lanka
By krishani Oct 03, 2023 05:14 PM GMT
krishani

krishani

Report

සියළුම ආයතනවල එකම මිලක් යටතේ හෝ සුළු වෙනසක් යටතේ ඉන්ධන අලෙවි කිරීමට කටයුතු කළ යුතු බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

ඒ ඉදිරි ඉන්ධන මිල සංශෝධනයක දී ය.

එම සංගමය මේ බව සඳහන් කළේ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ය.

කෙසේ වෙතත්, මෙරට ඉන්ධන අලෙවියේ යෙදෙන සියලුම ආයතනවල ඉන්ධන මිල එකම අගයක පත් නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමය සඳහන් කළේ ය.

ReeCha