රට පුරා ඉන්ධන සම්බන්ධයෙන් නොවැම්බර් සිට කරන්න යන දේ මෙන්න..
නොවැම්බර් මාසයේ සිට ඉන්ධන මෙහෙයුම් කටයුතුවලින් කොටසක් පෞද්ගලික අංශයට ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඒ අනුව, ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවිය යන ක්‍රියාවලියෙන් කොටසක් පෞද්ගලික අංශයට ලබාදෙනු ඇති.
මේ කරුණු අනාවරණ කෙරුණේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් 1,250 න් කොටසක් පෞද්ගලික සැපයුම්කරුවන්ට ලබාදීමට ආරම්භ කළ වැඩපිළිවෙල පිළිබඳව විෂයභාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ප්‍රගති සමාලෝචනයේදී යි.
මේ වන විට යෝජනා ඉදිරිපත් කර ඇති සමාගම් 24 න් සුදුසුකම් සපුරන සමාගම් කිහිපයකට අදාළ ඉන්ධන මෙහෙයුම් කටයුතු ලබාදෙන බව කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |