ඉන්ධන අවසරපතක් ගන්න අයට ඇමතිගෙන් විශේෂ පණිවුඩයක්..අදම මේදේ කරන්න..
වාහන කිහිපයක් ධාවනය කරන ව්‍යාපාර/ ආයතන සඳහා ඔවුන්ගේ සියලුම වාහන ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කිරීමට විකල්පයක් ලබා දීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය ඉදිරි දින කිහිපය තුළ වැඩිදියුණු කරනු ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
සත්‍යාපනය කිරීමෙන් පසු සෑම වාහනයකටම නිශ්චිත QR කේතයක් ලබා දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිවීමේදී පැවති තාක්ෂණික දෝෂ මේ වනවිට නිරාකරණය කර ඇතිබව ද විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ආරම්භක මොහොතේදී බොහෝ පිරිසක් එකවර ලියාපදිංචිවීමට උත්සාහකිරීමත් සමග අදාළ මෙවලම භාවිත කිරීමේදී යම් යම් තාක්ෂණික දෝෂ ඇති වී තිබූ බවයි.
ජනතාවට මින් ඉදිරියට ඉන්ධන නිකුත්කිරීම සඳහා ජාතික ඉන්ධන අවසරපතක් නිකුත් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඊයේ (16) දිනයේ පියවර ගත්තා.
www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස අදාළ ලියාපදිංචිවීම සිදුකළ හැකිය.
කෙසේවෙතත් ඊයේ දිනයේ මෙම නව වැඩපිළිවෙළ හඳුන්වාදීමත් සමග විශාල පිරිසක් අදාළ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිවීමට උත්සාහකිරීමත් සමග එහි ක්‍රියාකාරීත්වයට බාධා එල්ල වී තිබුණි.
අදාළ මෙවලම හඳුන්වා දුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය සහ අනෙකුත් ආයතන එක්ව මේ වන විට එහි පැවති දෝෂ නිරාකරණය කර වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ සියලුදෙනාට ජාතික ඉන්ධන අවසර පත සඳහා ලියාපදිංචි වීමට හැකියාව පවතින බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.
මින් ඉදිරියට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අවසරපත්‍ර ක්‍රමයට බැවින් පෝලිම්වල රැදීසිටීමෙන් ඵලක්නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
