ඉන්ධන ලබාගත හැකි වෙබි අඩවියට හදිසියේ සිදුවූ දේ..

Sri Lanka Lanka IOC Sri Lanka Fuel Crisis
By Aruna Jul 17, 2022 12:59 AM GMT
Aruna

Aruna

Report

ඉන්ධන ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය, වාහන අංකය ඇතුලත් කර ලියාපදිංචි වීමට අද දිනයේ ද එලි දක්වන ලද වෙබ් අඩවිය පැය කිහිපයක් ඇතුළත බිඳ වැටීමට ලක්ව තිබේ.

ඊට හේතුව ලෙස දැක්වෙන්නේ කෙටි කාලයක් ඇතුලත විශාල පිවිසුම් ප්‍රමාණයක් එම අඩවියට ලැබී තිබීමයි.

වෙබ් අඩවිය එලිදක්වමින් බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ එක්වරම විශාල පිරිසක් වෙබ් අඩවියට පිවිසුනහොත් එය අවහිර විය හැකි බවයි. එනිසා කලබල නොවී දින දෙක තුනක් ඇතුළත ක්‍රමානුකූලව ලියාපදිංචිය සිදු කර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now