රටපුරා ඉන්ධනහල් විවෘත කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..
Fuel Price In Sri Lanka
Ceylon Petroleum Corporation
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Aruna
රටපුරා සඟවා ඇති විදේශ සංචිත මුදල් පිටතට ගැනීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම විදෙස් මුදල් වලින් ගණුදෙනු කළ හැකි ඉන්ධනහල් විවෘත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
විදේශ මුදල් වලට පමණක් ඉන්ධන නිකුත් කරන ඉන්ධන පිරවුම්හල් වෙන් කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් ඉන් සැලකිය යුතු විදේශ මුදල් ප්‍රමාණයක් සොයාගත හැකි වෙතැයි ද මන්ත්‍රීවරයා ලිඛිතව අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
විවිධ පුද්ගලයන් සතුව විදේශ මුදල් සඟවාගෙන සිටි නිසා එම මුදල් පිටතට ගැනීම සඳහා මෙම යෝජනාව ගැන සලකා බලන ලෙස ඔහු ඉල්ලා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |