සඳුදා සිට රටේ ඇති වන අර්බුදයක් ගැන ඉඟියක්... ජනපති මැදිහත් වෙන්න

By Gagana News Mar 01, 2025 01:03 PM GMT
Report

ඉදිරි දින දෙකකින් පසු රට තුල ඉන්ධන අර්බුදයක් ඇති වනු ඇති බව ඉන්ධන බෙදා හරින්නන්ගේ සංගමය පවසනවා.

එනම් එළෙඹෙන සඳුදා දින සිට ඉන්ධන පරිබෝජනය කරන ජනතාව දැඩි අසීරුතාවකට පත්වනු ඇති බවයි එම සන්ජ්ගමය පෙන්වා දෙන්නේ.

මේවන විට ඉන්ධන හල්වල බෙදාහරින තෙල් ඊයේ සහ පෙරේදා ඇනවුම් කළ ඒවා බවද පැවසෙනවා.

මේ අතර ඉන්ධන පිරවුම්හල් වෙත ලැබෙන තොග අද සහ හෙට දෙදින තුළ බෙදා අවසන් කරන බවත් එම සංගමය අවධාරණය කළා.

නව තොග මෙතෙක් ඇණැවුම් නොකරන බවත් එම සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා අප කළ විමසීමක දී කියා සිටියා.

ලොව ප්‍රසිද්ධ සෝසල් මීඩියා එකක් වසා දමන දිනය දැනුම් දෙයි... දිනය මෙන්න

ලොව ප්‍රසිද්ධ සෝසල් මීඩියා එකක් වසා දමන දිනය දැනුම් දෙයි... දිනය මෙන්න

තම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් නව තොග කිසිවක් ඇණැවුම් නොකරන බවද පැවසූ ඔහු ඒ හේතුවෙන් ලබන සඳුදා දින සිට ඉන්ධන හිඟයක් රට තුළ ඇතිවණු ඇති බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ නමුත් මෙම ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිවරයා මෙන්ම අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් වන ලෙස ද එම සංගමය ඉල්ලා සිටිනවා.

අද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කර සිටියා.