නැවතත් ඉන්ධන ලබා දීම සීමා කෙරේ..! එක් එක් වාහන සඳහා ඉන්ධන ලැබෙන්නේ මෙහෙමයි

Report

අද සිට ඉන්ධන පිරවුම්හල්වලින් රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2,000 ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3,000ක් මෝටර් රථ, වෑන් රථ සහ ජීප් රථ සඳහා රුපියල් 8,000ක් ලෙසත් ඉන්ධන නිකුත් කිරීම සීමා වනු ඇති.

බස් රථ ලොරි රථ සහ වාණිජමය රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී මෙම සීමාවන් අදාළ නොවනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now