ඉන්ධන ගන්න තිබුන තවත් ක්‍රමයක්.. ඉවර වෙයි

By Sithumi Jul 03, 2022 04:30 PM GMT
Sithumi

Sithumi

Report

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට ඉදිරියේදී ‘ටෝකන්‘ ක්‍රමය ක්‍රියාත්මක නොකරන බවත් ‘ටෝකන්‘ ක්‍රමය රජය ක්‍රියාත්මක කරන එකක් නොව ආරක්‍ෂක අංශ ක්‍රියාත්මක කරන එකක් බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (3) පස්වරුවේ පැවසීය.

ඉන්ධන නොමැති අවස්ථාවේදී බලාපොරොත්තුවකින් තොරව පසුගිය මස අග පෝලිම්වල රැදී සිටි ජනතාව පෝලිම්වලින් ඉවත් කිරීමට ‘ටෝකන්’ ලබාදුන් අතර නැවත ඉන්ධන ලැබුණු පසු එම ජනතාවට ප්‍රමුඛතාව ලැබෙනු ඇති බව කී අමාත්‍යවරයා සඳහන් කළේ ‘ටෝකන්’ ක්‍රමය අවසන් කිරීමට තමන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ සාකච්ඡා කළ බවත්ය. 

 ඉන්ධන ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරන බව කී අමාත්‍යවරයා ‘ටෝකන්’ ලබාගැනීමට පෝලිම්වලට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය