විශේෂ පිරිසකට ඉන්ධන ලබා දීමට යයි..

By Sithumi Jun 19, 2022 02:56 PM GMT
Sithumi

Sithumi

Report

පෞද්ගලික පොදු ප්‍රවාහන බස් රථ, විදේශ සංචාරයින්, පාසල් දරුවන් සහ පෞද්ලික අංශයේ කාර්ය මණ්ඩ ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවලින් හෙට (20) සිට ඩීසල් ලබාදෙන බවත් මාර්ග අංක සහිත මාර්ගවල ධාවනය වන පොදු ප්‍රවාහන බස් රථ මින් ඉදිරියට වෙනත් පිරවුම්හල්වල පෝලිම්වලට සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 

 වෘත්තියෙන් ත්‍රීරෝද රථ සේවයේ කටයුතු කරන (පූර්ණ කාලීනව ත්‍රිරෝද රථ රැකියාවේ නිරතවන්නන්) පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් හරහා කඩිනමින් ලියාපදිංචි කිරීමට උපදෙස් දුන් බව කී අමාත්‍යවරයා පැවසුවේ ඔවුන්ගේ නාමලේඛණයක් සකස් කර අදාල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල්වලට වෙන්කර ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත්ය. 

 වෛද්‍යවරු විශේෂ අත්‍යවශ්‍ය සේවා ලෙස සළකා සිකුරාදා දිනයේ සේවය කරන රෝහල ආසන්නයේ ඇති පිරවුම්හලකින් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් වෛද්‍යවරුන්ට සමගාමීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ද එම අවස්ථාව ලබාදෙන බවත් අමාත්‍යවරයා කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 

Join now