ඉන්ධන ටැංකි රථ සංගමයෙන් හදිසියේම විශේෂ හෙළිදරව්වක්
By Sithumi
,ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ප්‍රමාණවත් පරිදි බවුසර් රථ සඳහා ඉන්ධන නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි. ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත ද සිල්වා,
"වෙනදට අපි සාමාන්‍යයෙන් ටැංකි රථ 250ක් 300ක් වගේ සංඛ්‍යාවක් සේවයට වාර්තා කරනවා. පසුගිය දිනවල ටැංකි රථ 100ක් 150ක් වගේ තමයි ධාවනයට එන්නේ. ඒ සෑම ටැංකි රථයකටම ඇනවුම් ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙන නිසා." මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක අදත් ඩීසල් පෝලිම් ඇතිවී තිබේ. දින ගණනාවක් පුරා ඩීසල් නොමැතිකමින් ඇතැම් ඉන්ධනහල් ඉදිරිපිට දිගු පෝලිම් පවතී. කෙසේවෙතත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල කෙටි ඉන්ධන පෝලිම් ද දැකගත හැකි විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |