ඉන්ධන පෝළිමෙන් පිට පැන්නැයි තියුණු ආයුධයකින් බස් රියැදුරුගේ බෙල්ල කපලා.. ඇඟ කිලිපොලා යන භිහිසුනු කතාව

Go Home Gota Sri Lanka Economic Crisis Gota Go Home 2022 Sri Lanka Fuel Crisis
By Sithumi May 24, 2022 06:14 PM GMT
Sithumi

Sithumi

Report

බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම් හලක පෝළිමේ රැඳී සිටි බස්රථ රියැදුරකු විසින් පෙරේදා (22 දා) සවස තවත් බස්රථ රියැදුරකුගේ බෙල්ල තියුණු ආයුධයකින් කපාදමා පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමෙන් පිට පැනීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම ගැටුම හටගෙන ඇත. මෙම සිදුවීමත් සමගින් කුපිත වූ තවත් බස්රථ රියැදුරන් පිරිසක් මාර්ගය හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු අතර තුවාල ලැබූ පුද්ගලයාද තමාට තුවාල සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා තෙක් තමන් රෝහල්ගත නොවන බව පවසමින් මාර්ගය මැද වාඩිවී සිය විරෝධයද පළකරන්නට විය.

පොලිසිය තුවාලකරුව රෝහලට රැගෙන යෑමට උත්සහ කළද කළහකාරී පිරිස් එයට ඉඩ ලබා නොදුන් අතර පසුව පොලිසිය තුවාලකරුව ඔසවාගෙන 1990 ගිලන් රථයෙන් බදුල්ල මහ රෝහලට යැවීමට කටයුතු කළහ.එම අවස්ථාවේදීද කලහකාරීන් පොලිසියට විරෝධය පළකළ අතර එහිදී එම පිරිසේ සිටි හයදෙනකු සැක පිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now