ඉන්ධන වැඩිපුර ලබාගන්නන්ට වැඩ වරදී...වාහනය, ඉන්ධන ලබා ගත් පිරවුම්හල, ඉන්ධන ප්‍රමාණය සමගම පුද්ගලයා හසුවන නවතම App එකක් - පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්..!

Nihal Talduwa Sri Lanka Police Sri Lanka Fuel Crisis
By Sewvandhi May 27, 2022 01:54 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්ධන අරබුදයක් පවතින අවස්ථාවක ඉන්ධනහල් වලින් දෛනිකව අසාමාන්‍ය ලෙස ඉන්ධන තොග රැස්කරන පුද්ගලයන් හදුනා ගැනීම සදහා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය මගින් ස්මාට් ජංගම දුරකතන වලට භාවිතා කළ හැකි “Fuel.IMC” නමිත් නව මෘදුකාංගයක් හදඳුන්වාදී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන ලබාගන්නා වාහන වල විස්තර නව මෘදුකාංගය හරහා ලබාගත හැකි බවත්, එවැනි හදුනා ගන්නා වාහන හා පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය හා බුද්ධි අංශ විසින් විමර්ශන කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

ඉන්ධනහල් අසල තදබද පවතින අවස්ථාක ඇතැම් පුද්ගලයන් යතුරු පැදිවලට, ත්‍රිරෝද රථවලට , ඇතුලු වාහන වලට දෛනිකව ඉන්ධන ලබාගෙන නැවත් එම ඉන්ධන වාහනයෙන් පිටතට ගෙන ගබඩා කර වැඩි මිළට ඒවා අලෙවි කරන බව තොරතුරු වාර්තා වී ඇති බවත් , ඒ සම්බනධයෙන් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

මෙම නව මෘදුකාංගය පොලිස් තොරතුරු කොට්ඨාසය මගින් දිවයින පුරා කොට්ඨාස බාර පොලිස් නිලධාරීන් වෙත සහ ස්ථානාධිපතිවරුන් වෙත යොමුකර ඇති බවත්, ප්‍රදේශයේ ඉන්ධනහල් හිමියන් සමග සාකච්ඡාකර ඔවුන්ට එම මෘදුකාංගය ලබා දීමට කටුයතු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. 

 ඉන්ධනහලට ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන වාහනවල ලියා පදිංචි අංකය මෙම මෘදුකාංගය වෙත ඇතුළත් කරන බවත්, එම යෙදුමට ඇතුළත් කරන වාහන අංක නැවත වරක් තවත් ඉන්ධන හලකින් ඉන්ධන ලබා ගැනීමට යාමේ දී එය හදුනාගත හැකි බවද හෙතෙම කියා සිටියේය.

ඉන්ධන ලබාගත් වාහන, මීට පෙර ඉන්ධන ලබාගත් ඉන්ධන හල, සහ ලබාගත් ඉන්ධන ප්‍රමාණය මෙම මෘදුකාංගය හරහා පෙන්නුම් කරන බවද හෙතෙම සඳහන් කළේය. මේ අකාරයට නිරන්තරයෙන් අසාමාන්‍ය ලෙස යම් වාහනයක් ඉන්ධන රැස් කරන බවට නිරීක්ෂණ වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉන්ධනහල් හිමියන් සමග සාකච්ඡා කර පොලිස් නිලධාරීන් බුද්ධි නිලධාරීන් සමග යොදවා විමර්ශන සිදුකරන බවද හෙතෙම කීය.

එම විමර්ශනයේ දී එවැනි පුද්ගලයන් ඒ අකාරයෙන් ඉන්ධන රැස්කර ඒවා වැඩි මිළට අලෙවි කරන බවට අනාවරණය වුවහොත් එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීති තදින්ම ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

තම අවශ්‍යතා වෙනුවෙන් පොලිමේ සිට නිරන්තරයෙන් ඉන්ධන ලබා ගන්නා පුද්ගලයන්ට හෝ ආයතනයකට මෙම යෙදවුම මගින් කිසිදු බාධාවක් සිදු නොවන බවත්, ගැට`ථවක් සිදුවන් වාහන වලට ඉන්ධන ලබාගෙන ඒවා වැඩි මිළට ජාවාරම කරන ජාවාරම්කරුවන් සදහා පමණක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha