දරුවන්ට 9 වසරේදී තමන්ගේ හැකියාවන්ට ගැළපෙන විෂයන් තෝරා ගැනීමට නිදහස

Sri Lanka Politician Education Latest Headlines Sinhala news NPP Government
By Shehan Jul 24, 2025 11:40 AM GMT
Shehan

Shehan

Report

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසුයේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 9 වසරේදී දරුවන්ට ඔවුන්ගේ කැමැත්ත සහ හැකියාවන් මත පදනම්ව විෂයන් තෝරා ගැනීමේ අවස්ථාව ලබා දෙන බවයි.

මෙය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල විප්ලවීය ඉදිරිගාමී පියවරක් ලෙස ඔහු විසින් හඳුන්වන ලදී.

පාසල් වේලාව දිගු කළොත් දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක්

පාසල් වේලාව දිගු කළොත් දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක්

“සංස්කෘතික මිනිසෙකු බිහි කිරීමට නම් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි. මෙම ප්‍රතිසංස්කරණ ජනතාවගේ අපේක්ෂාවන්ට එරෙහිව නොවේ. ඉතිහාසය ඉවත් කළ බවට පැතිර යන මතය සම්පූර්ණයෙන්ම වැරදියි. ඉතිහාසය සහ සෞන්දර්ය ඉගෙනීම අනිවාර්යයි.

ඒ වගේම, පූර්ව ළමාවිය සංවර්ධනයේ වගකීම රජය භාර ගන්නා බව අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී දරුවන්ට 9 වසරේදී තමන්ගේ හැකියාවන්ට ගැළපෙන විෂයන් තෝරා ගැනීමේ නිදහස ලබා දෙනවා.

මෙය විප්ලවීය පියවරක්. එමෙන්ම, වෘත්තීය හැකියාවන්ට අනුව ඉදිරියේදී වෘත්තීය විශ්වවිද්‍යාල බිහි වේවි. ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට අනවශ්‍ය බරක්. සියලුම පාසල් සමාන තත්ත්වයට ගෙන ඒමෙන් ශිෂ්‍යත්ව විභාගයේ අවශ්‍යතාවය ඉවත් වේවි,” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

කාඩ් එකෙන් ගෙවද්දී 2% 3% කපනවද? ආයේ බෑ ඔන්න

කාඩ් එකෙන් ගෙවද්දී 2% 3% කපනවද? ආයේ බෑ ඔන්න

ReeCha