ප්‍රංශය පලස්තීන රාජ්‍ය පිළිගනී

By Hashini Jul 25, 2025 04:37 PM GMT
Report

ප්‍රංශය විසින් නිල වශයෙන් පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා.

ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඊට අදාළ නිල ප්‍රකාශය සැප්තැම්බර් මාසයේදී සිදු කරන බවයි.

ඒ අනුව පලස්තීනය නිල රාජ්‍යයක් ලෙස පිළිගන්නා පළමු G7 රට ප්‍රංශය බවට පත් වනු ඇති.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙම තීරණය ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

දිස්ත්‍රික්ක 08කට තායිලන්තය යුද නීතිය ප්‍රකාශයට පත් කරයි

දිස්ත්‍රික්ක 08කට තායිලන්තය යුද නීතිය ප්‍රකාශයට පත් කරයි

අමෙරිකාවද මැක්‍රොන්ගේ නිවේදනය ප්‍රතික්ෂේප කර ඇති බව පවසන එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කර ඇත්තේ එම තීරණය ”නොසැලකිලිමත්” තීරණයක් බවයි.

G7 යනු ප්‍රංශය සමඟ අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ජර්මනිය, කැනඩාව සහ ජපානය ඇතුළත් ප්‍රධාන කාර්මික ජාතීන්ගේ කණ්ඩායමයි. වර්තමානයේ, පලස්තීන රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 න් 140 කට වැඩි සංඛ්‍යාවක් විසින් පිළිගෙන තිබෙනවා.

ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ඇතුළු යුරෝපීය සංගමයේ රටවල් කිහිපයක්ද ඒ අතරට අයත්.

එහෙත් ඊශ්‍රායලයේ ප්‍රධාන ආධාරකරුවන් වන අමෙරිකාව සහ බි්‍රතාන්‍ය ඇතුළු ඔවුන්ට පක්ෂපාතී රටවල් පලස්තීන රාජ්‍යය පිළිගෙන නැහැ. 

පිස්සු දොස්තර කෙනෙක්නේ - වෛද්‍ය රක්ෂණ මුදල් ගන්න හිතන් කකුල් කපලා

පිස්සු දොස්තර කෙනෙක්නේ - වෛද්‍ය රක්ෂණ මුදල් ගන්න හිතන් කකුල් කපලා