සචින්ගේ වාර්තාවට ළංවන ජෝ රූට්
By Hashini
එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ජෝ රූට්, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට සමත් වී තිබෙනවා.
ඒ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේදී යි.
මෙහිදී ජෝ රූට් මේ වනවිට ලකුණු 13,392*ක් රැස්කරගෙන ඇති අතර, ඔහු එම තරගයේ දී ලකුණු 150ක් ලබා ගැනීමට සමත් වුණා.
මෙම දස්කම සමඟින් රූට්, රාහුල් ඩ්‍රාවිඩ් (13,288), ජැක් කලිස් (13,289) සහ රිකී පොන්ටින් (13,378) වැනි ප්‍රවීණ ක්‍රීඩකයන් අභිබවා යනු ලැබුවා.
මේ වන විට ජෝ රූට් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර්ට (15,921) පමණක් දෙවැනි වී සිටිනවා.