දිස්ත්‍රික්ක 08කට තායිලන්තය යුද නීතිය ප්‍රකාශයට පත් කරයි
By Hashini
තායිලන්තය යුද නීතිය ප්‍රකාශයට පත් කළ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් වන්නේ කාම්බෝජ දේශසීමාවේ තායිලන්තයට අයත් දිස්ත්‍රික්ක 08ක් සඳහා එම යුද නීතිය පනවා ඇති බවයි.
එහිදී, චන්තබුරි සහ ට්‍රැට් පළාත්වල හමුදා දේශසීමා ආරක්ෂක අණදෙන නිලධාරි අපිචාර්ට් සප්‍රසර්ට්, නිවේදනයක් නිකුත් කර ඇත්තේ චන්තබුරි හි දිස්ත්‍රික්ක හතක සහ ට්‍රැට් හි එක් දිස්ත්‍රික්කයක “යුධ නීතිය දැන් ක්‍රියාත්මකයි” යනුවෙනි.
විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් වන්නේ මුවැන්ග් චන්තබුරි, තා මායි, මඛම්, ලීම් සිං, කෙන්ග් හැන්ග් මේව්, නා යායි අම්, ඛාඕ කිචකුට් සහ ඛාඕ සමින් යන දිස්ත්‍රික්ක සඳහා එම නීතිය ක්‍රියාත්මක බවයි.