නිදහස් දිනයට පෙර මරදානේ පිරිසකට බැටන් ප්‍රහාර
ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් හෙට (4) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවට සමගාමීව මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට අරගගකරුවන් පිරිසක් ‘කොහේ තියෙන නිදහසක්ද?’ යන තේමාව යටතේ අද (3) පස්වරුවේ ආරම්භ කළ සත්‍යග්‍රහයට රාත්‍රී 9.00 ට පමණ දැවන්ත ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ල කර පොලිසිය එම ස්ථානයෙන් පිරිස පන්නා දමා තිබෙනවා
. විනාඩි 30 ක් පමණ ජල ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීම නිසා එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ජලයෙන් පිරී ගිය අතර ජල ප්‍රහාරය මධ්‍යයේ ද අගලකරුවෝ එම ස්ථානයේ රැදී සිටි අතර ඉන් පසුව පොලිසිය සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් එම පිරිසට එළව එළවා පහර දෙමින් එම ස්ථානයෙන් ඉවත් කළ අතර අරගලකරුවෝ එම ස්ථානයෙන් ඉවත්ව වෙනත් ස්ථානයක රැස්ව තිබෙනවා
. එම ප්‍රහාරයට පෙර පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අධිකරණ නියෝගයක් පෙන්වා එම ස්ථානයෙන් ඉවත් වන ලෙස බල කළ ද එහිදී නීතිඥායන් ඇතුළු පිරිස සාමකාමීව ක්‍රියාත්මක එම සත්‍යග්‍රහයෙන් ඉවත්වන ලෙස නියෝගයක් අධිකරණය දී නොමැතිව බව පෙන්වා දී තිබෙනවා.
කෙසේවෙතත් අරගලකරුවන් පවසන්නේ පොලිසිය එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු මැර කණ්ඩායමක් පැමිණ සත්‍යග්‍රහයට පහර දුන් බව ද වාර්තා වේ. මැර කණ්ඩායම ඉවත්ව ගිය පසු පොලිසිය දැවැන්ත ජල ප්‍රහාරය ක්‍රියාත්මක කළ බවත් ඉන් පසුව එළව එළවා පහර දුන් බවයි.
