හෙට (27) සිට නොමිලේ සහල් - ලැබෙන දිස්ත්‍රික්ක මෙන්න..
Mahinda Amaraweera
Sri Lanka
Ministry of Agriculture
By Sewvandhi
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කලේ, පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන හෙට (27) සිට ආරම්භ කරන බවයි.
ඒ අනුව, රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත්කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමට නියමිතව ඇත.
කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ, මසකට එක් පවුලක් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බවය.
එම සහල් ඉල්ලුම් කර ඇති පරිදි කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
