නොමිලේ එච්.අයි.වී. පරීක්ෂාවක්.
World Aids Day
Sri Lanka
Hospitals in Sri Lanka
HIV Symptoms
By Hashini
ලබන දෙසැම්බර් මස 1 වනදාට ලෝක ඒඩ්ස් දින සැමරුම යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් එච්.අයි.වී. හඳුනාගැනීමේ විශේෂ සායන මාලාවක් දිවයින පුරා ආරම්භ කර තිබෙනවා.
සායන 25කදී මෙම පරීක්ෂණය පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරකින පරිදි සිදු කල හැකි බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසනවා.
ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 695 433 අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බවයි.
