අද සිට නොමිලේ කොවිඩ් පරීක්ෂණ..කරන්න පුලුවන් තැන් මෙන්න..

Corona Sri Lanka Covid test Western province Pcr test
By Aruna Sep 15, 2021 03:07 AM GMT
Report

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ස්ථිර සහ තාවකාලික පදිංචිකරුවන්ට අද සිට නොමිලේ කොවිඩ් පරීක්ෂණ කර ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ එලෙස කර ගැනීමට හැකි බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේ.

ඒ අනුව අද සිට බොරැල්ල කැම්බල් පිටියේ දී (ඉරිදා හැර අනෙකුත් සෑම දිනයකම) පෙරවරු 09:00 සිට දහවල් 12:00 දක්වා නොමිලේ කොවිඩ් පරීක්ෂණ සිදුකර ගත හැකියි.

මේ අතර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත නොමැතිව ලබන මාසයේ සිට බස්නාහිර පළාතේ බස් රථවල ගමනාගමනයට අවසර නොදෙන බව බස්නාහිර මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසනවා.

මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ ජංගම පරීක්ෂකවරුන් මගින් එන්නත් කාඩ්පත් පරීක්ෂා කරවීම් නිරන්තරයෙන් සිදුකිරිමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියාමනය යටතේ පෞද්ගලික බස් රථ 6,200ක් පමණ ධාවනය වන අතර බස් සේවකයින් ද කොවිඩ් එන්නත ලබාගෙන තිබීම අනිවාර්ය කර තිබෙනවා.

කාඩ්පත පරීක්ෂා කර මගීන් බසයට ඇතුළත් කර ගැනීමේ වගකීම කොන්දොස්තරවරයාට පැවරෙන බවද සභාපතිවරයා සඳහන් කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now