නිදාගෙන සිටියදී හිටි හැටියේම මියගිය දැරියගේ මරණය ප්‍රහේලිකාවක්. (PHOTO)
ඊයේ (11) දහවල් නිදාගෙන සිටි සිව් හැවිරිදි දැරියක් හිටි හැටියේ මියගොස් ඇති හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.
එලෙස මියගොස් ඇත්තේ, හොරණ දික්හේනපුර 11 වැනි පටුමග පදිංචිව සිටි සසුකි අනන්යා සේසන්ති නමැති සිව් හැවිරිදි දැරියක්.
ඇය සුපුරුදු පරිදි මව සමඟ නින්දට ගොස් ඇති අතර මව අවදිව බැලීමේ දී දැරිය නින්දේ සිට නොමැති බවයි වාර්තා වන්නේ.
මව දැරිය පිළිබඳව විමසිලිමත් වීමේ දී දැරියට මුත්‍රා පහ වී ඇති අයුරු දුටු මව දැරියගේ ඇඳුම් මාරු කිරීමට සූදානම් වීමේදී දැරියගේ ශරීරය අප්‍රාණිකව ඇති අයුරු දැනී කලබල වී ඇත.
පසුව තම සැමියාට ඒ බව දුරකථනයෙන් දන්වා දරුවා වඩාගෙන නිවස ඉදිරිපිටට පැමිණ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියකින් දැරියව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
එහිදී දැරිය පරික්ෂා කර බැලූ වෛද්‍යවරු පවසා ඇත්තේ, ඇය මියගොස් ඇති බවයි.
ඒ, අනුව දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) හොරණ මූලික රෝහලේ දී හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේදී සිදු කෙරෙනු ඇති.

