04ක් එකතු වෙලා මත් වෙන්නම බීලා - අවසානයේ හිතාගන්නවත් බැරි දෙයක් දවස් 02ක දී වෙලා..
නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පසුව පුද්ගලයින් සිවු දෙනකු මිය ගිය පුවතක් පිළිබඳව තොරතුරු මෙරටින් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සුලු සේවකයින් පිරිසක් බව සඳහන් වේ.
දඹුල්ල පොලිසිය පැවසුවේ මියගිය හතර දෙනාගෙන් දෙදෙනෙකු 24 වැනිදාත් අනෙක් දෙදෙනා 28 වැනිදාත් මියගොස් ඇති බවයි.
මොවුන් දඹුල්ල නව පාදෙණිය, විහාර හන්දිය හා යාපාගම පදිංචි වයස අවුරුදු 46 ත් 50ත් අතර පසුවන්නන් වේ.
වැඩිදුර පරීකෂණ සඳහා මොවුන්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති බව පොලිසිය කියා සිටියේ ය.
කෙසේ වෙතත්, දඹුල්ල නගරයේ කාන්තාවන් දෙදෙනෙකු විසින් නීති විරෝධී මත්පැන් අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබිණ.
ඒ අනුව මීට දින කිහිපයකට පෙර හොර මත්පැන් බෝතල් 70ක් සමග ඔවුන් අත්අඩංගුවට ගෙන තිබූ බව වැඩිදුරටත් පොලීසිය සඳහන් කළේ ය.