පේදුරුතුඩුවෙන් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන් - ධීවරයින් සොයා මෙහෙයුම්
යාපනය පේදුරුතුඩුව සහ කර්කෝවලම් වෙරළ තීරයන්ගෙන් ධීවර කටයුතු සඳහා සාගරයට ගිය ප්‍රාදේශීය ධීවරයන් සිව්දෙනෙකු හදිසියේම අතුරුදන්ව ඇති බව පේදුරුතුඩුව පොලීසිය පවසයි.
මේ පිළිබඳව සිදුකළ විමසීමකදී පේදුරුතුඩුව පොලිස් ස්ථානාධිපතිවරයා තහවුරු කළේ, ඊයේ (27 වැනිදා) රාත්‍රී 11.00 ට පමණ කුඩා යාත්‍රා (බෝට්ටු) දෙකකින් මෙම ධීවරයන් සිව්දෙනා සාමාන්‍ය පරිදි රැකියා කටයුතු සඳහා මුහුදු ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, නියමිත වේලාව ඉක්මවා ගොස් තිබුණ ද අදාළ ධීවරයන් මෙතෙක් යළි වෙරළට පැමිණ නොමැති බව වෘත්තීය සගයන් සහ ඥාතීන් විසින් බලධාරීන්ට දැනුම් දී තිබේ.
සාගරයේ අතුරුදන් වූ මෙම ධීවරයන් සිව්දෙනා සහ ඔවුන් ගමන් කළ යාත්‍රා කඩිනමින් සොයා ගැනීම සඳහා ප්‍රදේශයේ සෙසු ධීවර ප්‍රජාව, පොලීසිය සහ අදාළ ආරක්ෂක අංශ එක්ව බාධක මධ්‍යයේ වුවද විශේෂ සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් සාගරය පුරා ආරම්භ කර ඇත.