තරුණියකට සිව්දෙනෙක් එකතු වෙලා කළ අහස පොළොව නුහුලන අපරාදය - ප්‍රතිකාර සඳහා වහාම රෝහලට..
තැපල් සේවකයින් සිව් දෙනෙක් විසින් වයස අවුරුදු 26ක තරුණියක් දූෂණය කළ පුවතක් පිළිබඳව තොරතුරු රුවන්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
අදාළ තරුණිය සිය මව සමඟ රුවන්වැල්ල ප්‍රදේශයේ පිහිටි තැපල් කාර්යාලයට ගොස් තිබෙනවා.
එහිදී ඇය අවුරුදු 27ක තරුණයෙකු සමඟ සුහද වී ඇති අතර ඒ අනුව එම තරුණයා විසින් තරුණියට දුරකථන අංකය ලබා දී ඇත.
ඒ උපකාරයක් අවශ්‍යය වුවහොත් දැනුම්දෙන්න යනුවෙන් පවසමින් ය.
පසුව ඔවුන් දෙන්නා දුරකථනය ඔස්සේ හිතවත්කමක් ඇති කරගෙන ඇති අතර තරුණිය කන්නන්තොට පිහිටි නිවස වෙත ගෙන්වා ගෙන තිබෙනවා.
එහිදී මෙලෙස දූෂණය කර ඇති බව වාර්තා වේ.
අදාල තරුණයා මේ සඳහා රුවන්වැල්ල සහ ඉබුලාන තැපැල් කාර්යාලවල සේවය කරන සිය මිතුරන් තිදෙනෙකුද සහභාගී කරගෙන ඇත.
ඔවුන් සිව් දෙනා මෙලෙස තරුණිය දූෂණය කර ඇති බවයි සඳහන් වූ අතර මේ වනවිට තරුණිය ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ තරුණයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
Sponsored By Sarrita Jewellery