කුණ්ඩසාලේ හිටපු ප්‍රාදේශීය සභාපතිට ඇප
නීතිවිරෝධී ලෙස වත්කම් අත්පත් කරගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඒකනායක වලව්වේ අසේල නමැති සැකකරු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණා.
2009 වසරේ සිට 2016 වසර දක්වා කාලසීමාව තුළ අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එක් වසරක් තුළ සිය වැටුපෙන් උපයාගත නොහැකි 2838911/-වටිනා දේපළ අත්පත් කර ගැනීමත් තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ චෝදනා කර, මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් ? මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුද හැරීමට නියම කළා.
