හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් සහ වරප්‍රසාද අහිමි වෙයි.. පනත ගැසට්ටුවට
අමාත්‍ය මණ්ඩලය විසින් පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දෙනු ලබන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා.
එම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බව ද සඳහන්.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහාත්, ඉන් පසුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.