හිටපු සෞඛ්‍ය ලේකම්ට ඇප

Ministry of Health Sri Lanka Law and Order Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 08, 2025 10:13 AM GMT
Hashini

Hashini

Report

රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් විදේශ ගමන් බලපත්‍රයේ අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළා.

කන්ටේනර් ගැන අහන්න විමල් CID කැඳවයි

කන්ටේනර් ගැන අහන්න විමල් CID කැඳවයි

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හෝ මේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව මෙම සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුම් දෙකක් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ ඊට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිට නීතිඥ නුවන් ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට ඉතිරිව ඇත්තේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම නිසා බැංකු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට තම සේවා දායකයාට හැකියාවක් නොමැති බව පැවසුවා.

සුවසැරිය ගිලන් රථ සේවය ගැන අලුත් කතාවක් එළියට

සුවසැරිය ගිලන් රථ සේවය ගැන අලුත් කතාවක් එළියට

ඒ අනුව සැකකරු ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදා කිරිමට නියම කළ අතර අනතුරුව පැමිණිල්ල නොවැම්බර් මස 14 වන දා කැඳවන ලෙස නියම කළා.

සෝෂල් මීඩියා වෛරල් වෙන තිසර සහ නිශීගේ පුංචි රෝස මල

සෝෂල් මීඩියා වෛරල් වෙන තිසර සහ නිශීගේ පුංචි රෝස මල

ReeCha