ඔබත් රට යන්න හිතාගෙන ඉන්නව නම් පරිස්සමෙන්...

Nihal Talduwa Sri Lanka Police Sri Lanka
By Sewvandhi Aug 19, 2023 12:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 විදේශ රැකියා ලබා දීම සඳහා මුදල් වංචා කළ සැකකරුවෙකුට වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා විසින් බ්‍රිතාන්‍ය සහ පෝලන්තය යන රටවල රැකියා ලබා දෙන බවට පවසා ඇති පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනක් වංචා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවා.

ඒ අනුව වංචා විමර්ශන කාර්යාංශයට ලැබුණු පැමිණිලි 07කට අදාළව විමර්ශනය කර ඇති අතර එමගොඩ (18) වේයන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් 55 හැවිරිදි සුදිත් කසුන් මාරගේ පුද්ගලයෙක් වන අතර මෙම පුද්ගලයාට එරෙහිව නාරාහේන්පිට පොලිසියට පැමිණිලි 14ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා මෙම ආකාරයෙන්ම දිවයිනේ විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් රවටා වංචා කර ඇත්නම් ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

- සිතුමි -

ReeCha