විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ පණිවුඩයක්..
Sri Lanka Police
Sri Lanka Politician
Sri Lanka
Foreign Employment Bureau
By Aruna
ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වළකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා යාමට අවස්ථාව උදාවන අතර, එම අවස්ථාව හිමිවන්නේ තම කාර්යාංශයෙන් පමණක් බවයි.
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 57වන කණ්ඩායම ලෙස රැකියාලාභීන් විසිතුන් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය ද ඊයේ (20) සිදු කෙරුණා.
මෙම පිරිසට කාන්තාවන් 19 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් 4 දෙනෙකු ඇතුලත් බවයි එම කාර්යාංශය පැවසුවේ.
අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 319 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |