විදෙස් දුම්වැටි තොගයක් අත්අඩංගුවට.
Sri Lanka
Sri Lanka Customs
Drugs
By Hashini
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අද (03) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි විසිහය ලක්ෂයක් බවයි.
එම සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ඔවුන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණේ අද අලුයම 01.10ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්- 569 දරන ගුවන් යානයෙනි.
රේගු නිලධාරීන් විසින් ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය දුම්වැටි 53,200ක් අඩංගු දුම්වැටි කාටූන් 266ක් සඟවා ගෙන සිටියදී සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු පරීක්ෂණයෙන් පසුව නීතිවිරෝධී දුම්වැටි සියල්ල රාජසන්තක කර තිබෙනවා.
රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවන ලෙස සැකකරුවන් දෙදෙනාට ද නියෝග කර තිබෙනවා.
