ජෝර්දානයේදී බලහත්කාරයෙන් රඳවාගෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩ ගන‍ී.

Report

ඇඟලුම් කාර්මාන්තශාලාවක සේවය කරන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 100කට ආසන්න පිරිසක් ජෝර්දානයේ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බව වාර්තා වෙනවා.

ඔවුන්ගේ වීසා බලපත්‍ර කාලය අවසන් වීම හේතුවෙන් වන අතර වීසා බලපත්‍ර කාලය අවසන් වුවද ඔවුන්ව යළි මෙරටට යොමු කිරීමට බලධාරීන් කටයුතු කර නැහැ.

මේ වනවිට වැටුප් ගෙවීමකින් තොරව සිය සේවය ලබාගැනීමට අදාළ ආයතනය කටයුතු කර ඇති අතර යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වී ඇති බවද එහි සේවය කරන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් ප්‍රකාශ කළේ.