ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ක්‍රීඩා කණ්ඩායම

Covid 19 Corona virua Foot ball
By Sithumi Nov 29, 2021 04:09 PM GMT
Sithumi

Sithumi

Report

රකට පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයෙකු හරහා ඔහු නියෝජනය කරනු ලබන කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ නිලධාරින් 13 දෙනෙකුට ඔමික්‍රෝන් කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීමේ පුවතක් පෘතුගාලයෙන් වාර්තා වනවා.

පෘතුගාලයේ Belenenses පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන Cafu Phete දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමෙන් පසුව නැවත පෘතුගාලයට පැමිණීමෙන් පසු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන තිබෙනවා. 

 පසුව එම කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ නිලධාරීන් කිහිප දෙනෙකුට ද රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම නිසා සිදුකළ පරීක්ෂණ වලින් ඔවුන් අතරින් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත්තේ. මෙලෙස හඳුනා ගනු ලැබූ පිරිස දකුණු අප්‍රිකාවේ සංචාරය නොකරනු ලැබූ අය වීම විශේෂත්වයක් වන අතර වෛරසය සම්ප්‍රේෂණය වීමේ වේගය සමබන්ධයෙන් කදිම උදාහරණයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්නුම් කරන්නේ.

මෙම ආසාදිතයින් ගේ සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ අනුව ඔවුන් 13 දෙනාටම ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට සනාථ වී ඇත. මේ වන විට එම පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් සහ නිලධාරින් 44 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ. 

මේ අතර ස්කොට්ලන්තය ඇතුළුව යුරෝපයේ රටවල් රැසකින් ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වී ඇති ඉන් ඇතැම් පුද්ගලයින් කිසිදු රටක සංචාරය නොකරන ලද පිරිස් වීමද විශේෂත්වයක් වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now