උත්සව සමයේ වැඩට බැස්ස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු - රට වටාම වැටලීම්

Report

උත්සව සමයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ආහාර වැටලීම් 1963ක් සිදුකර නඩු පැවරීම් 1109 ක් සිදු කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති කේ.ඒ.පී.බොරලැස්ස සඳහන් කර තිබේ.

එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් කරුණු දක්වමින් බොරලැස්ස මහතා සඳහන් කර සිටියේ උත්සව සමයේ ආහාර පරීක්ෂා කිරීම් ඉදිරියටත් සිදු කරන බවයි.

ජල කප්පාදුවක් කරනවද? මෙන්න තීරණය

ජල කප්පාදුවක් කරනවද? මෙන්න තීරණය

උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2300 ක පිරිසක් දිවයිනේ ආහාර සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම සඳහා සැලසුම් කරන ලද ආහාර වැටලීම් කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවද ඔහු පැවසුවේය.

ඔහු සඳහන් කළේ අප්‍රේල් 01 වෙනිදායින් ඇරඹුණු මෙම විශේෂ වැඩසටහන උත්සව සමය නිමාවට පත්වන තුරු ක්‍රියාත්මක වන බවයි ඒ අනුව අප්‍රේල් (16 ) දින වන විට සිදු කර ඇති කටයුතු පහත පරිදි දක්වා ඇත. ආහාර වැටලීම් 1963 ,පරීක්ෂා කළ ආයතත 19537, ආහාර අත් අඩංගුවට ගැනීම් 4211,ආහාර විනාශ කිරීම් 2954 සහ නඩු පැවරීම් 1109 ක් සිදුකර ඇත.