ආහාර විෂ වී සේවකයින් පිරිසක් රෝහලට.

Police spokesman Sri Lanka Hospitals in Sri Lanka
By Hashini Nov 06, 2023 11:08 AM GMT
Hashini

Hashini

Report

මීගොඩ ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් පිරිසක් අද (06) දහවල් රෝහල්ගත කර තිබෙනවා.

සේවකයන් 30 දෙනෙකු පමණ ලබා ගත් දහවල් ආහාරය විෂ වීම හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර ඇතැයි මීගොඩ පොලීසිය පවසනවා.

හෝමාගම මුලික රෝහල වෙත රෝගීන් 17 දෙනෙකු ඇතුළත් කර ඇති අතර, 13 දෙනෙකු පාදුක්ක දිසා රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම රෝගීන්ට ක්ලාන්තය,හිස රුදාව සහ මුඛහි ආසාදන තත්ත්වයක් පවතින බවයි.

ඔවුන් ලබා ගත් දහවල් ආහාර වේලෙහි තිබු මාළු වර්ගයක් මෙම තත්ත්වයට හේතු වන්නට ඇති බවට සැක කෙරෙනවා. 

ReeCha