කෑම සහ කොත්තු මිලත් ඉහළට - මිල වැඩි වන්නේ මෙහෙමයි.. ?
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ආහාර මිල සියයට 20 කින් ඉහළ යනු ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ,
"ආහාර පාර්සල් සහ අනෙකුත් සිල්ලර බඩු ප්‍රවාහනය සහ බෙදා හැරීම සඳහා ත්‍රිරෝද රථ සහ කුඩා ට්‍රක් රථ බොහෝ විට භාවිතා වේ. මේ තත්ත්වය තුළ ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා.එය නිසැකවම ප්‍රවාහන වියදම් ඉහළ යාමට හේතු වනු ඇත.ප්‍රවාහන ගාස්තු වැඩිවීම අපට සෘජුවම බලපානවා. ඒ නිසා කෑම පාර්සල්වල මිල කීයද කියලා කියන්න බැහැ. නමුත් ආරක්ෂක පියවරක් ලෙස ආහාර පාර්සල්වල මිල සියයට 20කින් ඉහළ දැමීමට අප තීරණය කළ බව ඔහු නිවේදනය කළේය."
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දැනටමත් ආහාර පාර්සල්වල,කොත්තු මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර, ආහාර මිල ගණන් යළි ඉහළ යන බව ප්‍රකාශ කිරීම ආහාර පාර්සල් ගැනුම්කරුවන්ට අර්බුදයක් විය හැකි බව ප්‍රජා නිරීක්ෂකයෝ පවසති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |