මෝටර් රථ 634,000ක් නැවත කැඳවයි..! වැඩි විස්තර...

By Sewvandhi Nov 25, 2022 07:48 AM GMT
Report

 වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් නැවත කැඳවීමට ෆෝඩ් සමාගම තීරණය කර තිබේ. ඉන්ධන ඉන්ජෙක්ටරයේ ඇති දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එබැවින් සිය මෝටර් රථ පරීක්ෂා කර ගන්නා ලෙස ෆෝඩ් සමාගම වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටී.

අමෙරිකානු වෙළෙඳපොළෙහි අංක 02 ස්ථානය හිමිකරගෙන සිටින ෆෝඩ් සමාගම පවසන්නේ 2020 - 23 වර්ෂවලට අදාළ සිලින්ඩර් 3ක ධාරිතාවයෙන් යුතු 1.5L එංජින් සහිත Bronco Sport සහ Escape SUVs වාහන නැවත කැඳවන බවය.

ලොව පුරා විකුණා ඇති මෝටර් රථ සඳහා එම තීරණය අදාළ බව ෆෝඩ් සමාගම පැවසීය. හඳුනාගෙන ඇති දෝෂය හේතුවෙන් ගිනි ගැනීම් ඇතිවිය හැකි බව ෆෝඩ් සමාගම පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now