තිරිඟු පිටි මිල ඉහළ දැමූ බව නිවේදනය කරයි.
තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් දහයකින් ඉහළ දැමුණු බව, ප්‍රීමා ලංකා සමාගම නිවේදනය කරනවා.
මේ අතර , ඊයේ උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ඉහළ දමන බව සෙරන්ඩිබ් සමාගම පවසනවා.
එමෙන්ම කිලෝ පණහේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් (10) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇති බව සංස්ථා සිමෙන්ති සමාගම ප්‍රකාශ කළා.
ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 1,098 ක්. මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,005 ක් ලෙස පැවතියා. මීට පෙර , ලිට්‍රෝ සමාගම සිය ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් වැඩිකර තිබේ. එහි නව මිල වන්නේ රුපියල් 2,750කි. එසේම කිලෝ 5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද කිලෝ 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද වැඩි කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
පාන් රාත්තල, බත් පැකට්ටුව, කොත්තු සහ කිරි තේ වල මිල ගණන් අද සිට ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ, ගෑස් සහ තිරිඟු පිටිවල මිල ගණන් ඉහළ දැමීමත් සමඟයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් පහකින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය අද පස්වරුවේ තීරණය කළා.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ගෑස් මිල සහ තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් තම නිෂ්පාදනවල මිල මෙලෙස ඉහළ දැමූ බවයි.
එමෙන්ම, බත් පැකට්ටුවක්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කිරි තේ වල මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ද අද තීරණය කළේ තිරිඟු පිටි, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |