පෝලන්තයට සහ ඔස්ට්‍රියාවට ගංවතුර බලපෑම්...

By Parami Dissanayake Sep 15, 2024 04:44 PM GMT
Report

මධ්‍යම යුරෝපයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පෝලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවල ගංවතුර තත්ත්වයන් හටගෙන ඇතැයි වාර්තා වේ.

ගල්කිස්සෙන් වෙඩි තැබීමක් වාර්තා වේ...

ගල්කිස්සෙන් වෙඩි තැබීමක් වාර්තා වේ...

එමෙන් ම, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වනවිට පෝලන්තයේ එක් අයෙකු ආපදා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති බවත් ඔහු ආපදා සහන කණ්ඩායමක සාමාජිකයෙකු වන බවත් ය.

පවතින ආපදා තත්ත්වය නිසා තවත් විශාල පිරිසක් අවතැන්ව සිටින බව ද සඳහන් වේ.

ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටීමෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට...

ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටීමෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට...


විදෙස් මාධ්‍ය පවසන්නේ, ඔවුන්ට සහන සැලසීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් යොදවා ඇති අතර ගංවතුරට මුහුණ දී ඇති ඇතැම් ප්‍රදේශ දශක තුනකට ආසන්න කාලයකට පසු බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය වන බවයි.

එමෙන්ම, නිවාස මිලියන හතරකට පමණ විදුලිය විසන්ධි වී තිබෙන බව ද වාර්තා වේ.