ජින්තුපිටියේ වෙඩි තැබීමට 5ක් කොටු
ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05දෙනෙකු අත්අඩංගුවට තිබේ.
තවද ඊයේ (19) සහ පෙරේදා (18) දිනවලදී වෙරළබඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජින්තුපිටිය හා කොටහේන ප්‍රදේශවල සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
පොලීසිය සදහන් කළේ මෙම අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 800ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක්ද අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකාරිය අවුරුදු 49ක් හා සැකකරුවන් අවුරුදු 18, 33, 40 හා 43 වයස්වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන්ය තවද සැකකාරිය හා සැකකරුවන් ඊයේ (19) අළුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉන් එක් සැකකරුවෙකු සඳහා 23වනදා දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන ඇත .
ඒ වගේම අනෙක් සැකකාරිය හා සැකකරුවන් එළැඹෙන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සිද්ධිය පිළිබද වෙරළබඩ පොලීසිය හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් තව දුරටත් විමර්ශන සිදු කරනු ලබයි.