අදත් දිස්ත්‍රික්ක 5ක රෝහල් වර්ජනයක..සියලු විස්තර මෙන්න..

By Sewvandhi Dec 20, 2021 02:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

‎දිස්ත්‍රික්ක 05ක සියලු රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල වෛද්‍යවරුන් අද පෙරවරු 08:00 සිට පැය 24 ක වැඩ වර්ජනයක නිරත වනවා.

ඒ මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්වලයි.

කෙසේ වෙතත් මෙහිදී හදිසි රෝගී ප්‍රතිකාර සේවා අඩාල නොවන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැනුම් ඇත්තේ.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමේදී සෞඛ්‍ය ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධතාව පළ කරමින් ඔවුන් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරනවා.

අද ක්‍රියාත්මක මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය අමාත්‍යංශය සංවේදි නොවන්නේ නම් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීමට අද පස්වරුවේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවීමට ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර දිවයින පුරා පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රතිකාර සඳහා අදින් පසු වෛද්‍යවරුන් ඉවත් වන බවද එම සංගමය පැවසුවා.

එම නිසා සෞඛ්‍ය ලේකම්වරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් අද සිට කොවිඩ් රෝගීන් අපහසුතාවට පත්වනු ඇති බවද සංගමය චෝදනා කළා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now