බාල ගල් අඟුරු හින්දම මාළු කෑමත් අවදානම්

Report

නොරොච්චෝල බලාගාරය සඳහා භාවිත කරන ගල් අඟුරුවල ප්‍රමිතිය අපේක්ෂිත මට්ටමට වඩා පිරිහී ගියහොත්, එහි නිසා නිකුත් වන අහිතකර රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ලක්ෂ දෙකකට ආසන්න ජනතාවක සෞඛ්‍යයට සෘජු බලපෑම් එල්ල විය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අනතුරු ඇඟවීය.

ගල් අඟුරු දහනයෙන් සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, රසදිය, ආම්ලික වායූන් සහ විවිධ බැර ලෝහ ඇතුළු අහිතකර රසායනික කාණ්ඩ 05ක් පරිසරයට මුදා හැරෙන බව පෙන්වා දුන් ඔහු, සාමාන්‍ය තත්ත්ව යටතේ පවා මෙම රසායනිකයන් පරිසරයට එකතු වීමෙන් ප්‍රදේශවාසීන් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන බව අනාවරණය වී ඇතැයි පැවසීය. එවැනි පසුබිමක, නිසි සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත කිරීමෙන් මෙම අවදානම තවත් තීව්‍ර වන බව ද ඔහු අවධාරණය කළේය.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඩුබායි ගුවන්තොටුපොළ ඇවිලෙයි.. සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඩුබායි ගුවන්තොටුපොළ ඇවිලෙයි.. සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

විශේෂයෙන්ම රසදිය වැනි බැර ලෝහ මට්ටම ඉහළ යාමෙන් ගොඩබිම, ජලය සහ වාතය දැඩි ලෙස දූෂණය වන අතර, එය සාගර ජීවීන්ට ද අහිතකර ලෙස බලපායි. රසදිය සහිත ජලයේ වෙසෙන මත්ස්‍යයන් පරිභෝජනය කිරීම මිනිස් සෞඛ්‍යයට සෘජු හා බරපතළ බලපෑම් එල්ල කරන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවදානම් සහගත තත්ත්වය පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද, මේ දක්වා පරිසර අංශ මගින් පිළිගත හැකි වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව ඔහු චෝදනා කළේය. එමෙන්ම අදාළ ගල් අඟුරු ටෙන්ඩරය සහ එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියද, මේ දක්වා ඒ සම්බන්ධයෙන් සක්‍රීය පියවරක් ගෙන නොතිබීම කණගාටුවට කරුණක් බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බැවින්, බලධාරීන් වහාම මැදිහත් වී ගල් අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කිරීමට සහ අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළ යුතු බව සමිති සන්ධානය අවධාරණය කර තිබේ.

ත්‍රිරෝද රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

ත්‍රිරෝද රියදුරන්ට විශේෂ දැනුම්දීමක්