STF ඉතිහාසය පළමු වරට අලුත් කළ කාන්තාව..සියලු විස්තර..
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ලෙස කටයුතු කළ එන්. ටී. එන් කුමාරි මහත්මිය පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී තනතුර දක්වා උසස් කර තිබේ. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රථම සහකාර පොලිස් අධිකාරිවරිය වන්නේ ද ඇයයි.
ඊට අමතරව තවත් සහකාර පොලිස් අධිකාරීවරුන් 8ක් පත්කර තිබේ. ජාතික ආරක්ෂාව හා නීතිය හා සාමය ආරක්ෂා කරගැනීම සඳහා දැක්වූ විශේෂ කුසලතාවන් මෙන්ම සේවා අවශ්‍යතා මත ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරි තනතුර දක්වා විශේෂ කාර්ය බළකායේ නිලධාරින් සඳහා මෙම උසස්වීම් සිදුකර ඇත.
පොලිස් දෙපාර්තමේන්තුවේ සහ විශේෂ කාර්ය බළකායේ මෙන්න ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් එම පත්වීම් සිදුකර තිබේ. විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිටි නිලධාරින් 52කින් සහ නිලධාරිනියන් දෙදෙනෙකුගෙන් මෙම තෝරාගැනීම් සිදු කර තිබුණි.
ඒ අතරින් සියලු දක්ෂතා දක්වා තිබූ නිලධාරීන් 8කට සහ නිලධාරිනියකට මෙම උසස්වීම් ලබාදී ඇත. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුරට පත්වූ නිලධාරීන් වන්නේ ඩී. එස්. කුලසේකර, ඩබ්ලිව්. ඒ. පී. සම්පත් කුමාර, අයි. එස්. ටී පෙරේරා, ඩබ්ලිව්. ඩී. එස්. ද සිල්වා, කේ.ජී.ජී.ජී නිශාන්ත, ඊ.ඒ.එම්. දයාරත්න, කේ. ඩී. ජී. සී. ගුණරත්න සහ ඒ. පී. ඊ. පී. කුලරත්න ය.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        