Omicron ආසාදිත පළමු මරණය වාර්තා වෙයි..

By Sewvandhi Dec 13, 2021 12:24 PM GMT
Sewvandhi

Sewvandhi

Report

එක්සත් රාජධානියේ පළමු ඔමික්‍රොන් ආසාදිත මරණය අද වාර්තා වී තිබේ. එම මරණය අගමැති බොරිස් ජොන්සන් විසින් අද තහවුරු කර ඇත.

එසේම මෙවර නත්තල නිදහසේ සැමරීමට බලාපොරොත්තුවෙන් සිටි එංගලන්තයේ ලන්ඩන් නගර වාසීන්ට බලාපොරොත්තු නොවූ ප්‍රවෘත්තියක් නිකුත්වී තිබේ.

ඒ අනුව එරට සෞඛ්‍ය බලධාරීන් අද (13) නිවේදනය කළේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය එම නගරය තුළ සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති බවය. මේ වනවිට ලොන්ඩන් නගරයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින්ගෙන් 405ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

මෙතෙක් එන්නත් දෙකක් ලබාගෙන ඇති අය පවා එම ප්‍රභේදයේ අවදානමට ලක්ව සිටින බව නවතම පර්යේෂණවලින් හඳුනාගෙන තිබේ.

එබැවින් හැකි ඉක්මනින් සියලුදෙනා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීම වැදගත් බව ඔවුන් පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now