ඊශ්‍රායල රැකියා 10,000සේ පළමු කාණ්ඩායම ලංකාවෙන් පිටත් වෙයි..

Report

කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා තෝරාගත් පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ඊයේ (දෙසැ 18) රාත්‍රියේ ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය මෙම පිරිසට තිස් (30) දෙනකු ඇතුළත්ව සිටි බවයි, විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේ.

අද (දෙසැ 19) උදෑසන තවත් විසි (20) කණ්‌ඩායමක්‌ ඊශ්‍රායලය බලා පිටත්ව යන අතර, තවත් තිස්‌ (30) කණ්‌ඩායමක්‌ අද රාත්‍රියේ ඊශ්‍රායලයට යැවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර සංක්‍රමණික දිනය නිමිත්තෙන් ඊයේ පැවති උත්සවයකදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් පළමු ශ්‍රමිකයින් කණ්ඩායම සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කෙරිණි.

ඊශ්‍රායල රැකියා 10,000සේ පළමු කාණ්ඩායම ලංකාවෙන් පිටත් වෙයි.. | First Batch Of 10000 Israeli Jobs Exits

දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුමකට අනුව ඉදිරි සති කිහිපය තුළ ශ්‍රමිකයින් 10,000කට ඊශ්‍රායලයට පියාසර කිරීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම රැකියා සඳහා කිසිදු පාර්ශ්වයකට මුදල් ලබා දීමේ අවශ්‍යතාවක් නොමැති බව අවධාරණය කළ ඒ මහතා විදේශගත වූ පසු මුදල් ගෙවා මෙම රැකියා අවස්ථා ලබාගෙන ඇති බව අනාවරණය වුවහොත් ආණ්ඩු දෙකම එකඟතාවකට පැමිණ ඇති බැවින් ඔවුන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද පැවසීය. මුදල් ගෙවූ අය ආපසු ගෙන්වා ගැනීම.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා කම්කරුවන් විසි දහසක් බඳවා ගැනීමට ඊශ්‍රායලය ද එකඟ වී ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් නිවේදනය කළේය.