ගනේමුල්ල සංජීවගේ ගිනි අවි සොයා ගැනේ.
Police spokesman
Sri Lanka
Gun Shooting
By Hashini
නිට්ටඹුව මූලස්ථාන පොලිසිය රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසියේ රඳවාගෙන සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු මාඉඹුල ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ අත්බෝම්බ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල 1ක් රිවෝල්වර 1ක් විදේශිය නිෂ්පාදිත ජීව අත්බෝම්බ 2ක් සහ උණ්ඩ 43 සොයා ගත බවයි.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු මත මීට සති දෙකකට පමණ ඉහත දී ද කඩුවෙල ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබූ ටී ටී 56 ස්වයංක්‍රිය ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගනු ලැබුවා.
විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් කරනු ලබනවා.
