ගින්නකින් වෙළෙඳසලක් සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි - වයෝවෘද්ධ පුද්ගලයෙකු ජීවිතක්ෂයට..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 11, 2022 07:50 AM GMT
krishani

krishani

Report

මිරිහාන ඇතුල්කෝට්ටේ හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලක් තුළ අද (11) අලුයම ඇති වූ ගින්නකින් වයෝවෘද්ධ පුද්ගලයෙක් මිය ගොස් ඇත.

ගින්නෙන් මිය ගොස් ඇත්තේ,

ලක්ෂ්මන් සරත් කුමාර නමැති 63 හැවිරිදි පුද්ගලයෙක් එලෙස ගින්නෙන් මියගොස් ඇති අතර  ගින්න ඇති වන අවස්ථාවේ දී එම පුද්ගලයා එම වෙළෙඳසැලේ සොල්දරය මත නින්දේ පසු වී ඇත.

ඔහු එම ස්ථානයේ දීම ගින්නෙන් මිය ගොස් ඇති අතර මිය ගිය පුද්ගලයා එම ප්‍රදේශයේ වෙළෙඳසල්වල කුලී වැඩ කරමින් ගත කළ අයෙක් වේ. 

අසනීප තත්ත්වයෙන් පසු වන ඔහුට වෙළෙඳසලේ හිමියා විසින් නවාතැන් පහසුකම් දී තිබූ අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් නිශ්චිත ලෙස අනාවරණය වී නැත.

ගින්නෙන් වෙළෙඳසලට වූ අලාභය මෙතෙක් ගණන් බලා නොමැති අතර, වෙළෙඳසල සම්පූර්ණයෙන්ම ගිනිබත් වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha