ගින්නකින් වෙළඳසැල් තුනක් සම්බන්ධයෙන්ම ගිනිබත් වෙයි..
Fire
By krishani
ඊයේ රාත්‍රියේ (05) හැටන් කොටගල නගරයේ ගෘහ භාණ්ඩ අලෙවි සැලක හටගත් ගින්නකින් එම වෙළෙඳසැලට අයත් තවත් වෙළෙඳසැල් තුනක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.
රාත්‍රි 10ට පමණ වෙළෙඳ සැලෙහි අයිතිකරු සිය බිරිඳ සමග වෙළෙඳ සැලෙහි උඩු මහලේ රැඳී සිටිය දී පහළ මහලෙන් එකවරම ගින්නක් හටගෙන ඇත.
පසුව ඔවුන් දෙදෙනා නිවසින් පිටතට පැමිණ ඇති අතර පැතිර යමින් තිබු ගින්න කොටගල නගරයේ වෙළෙඳුන්, දිඹුල පතන පොලිසියේ නිලධාරින්, කොටගල යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ වතු කම්කරුවන් එක්ව දැඩි උත්සහයක් දරා පාලනය කිරීමට සමත්ව තිබේ.