කර්මාන්තශාලාවක ගින්නක්..
Sri Lanka Police
Fire
By krishani
හලාවත - මාදම්පේ - සෙම්බුකට්ටිය ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන ඇත.
ඊයේ (02) රාත්‍රී 7.30ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්නෙන් කර්මාන්තශාලාවේ තිබූ යන්ත්‍ර රැසක් විනාශ වී ඇත.
අපනයනය සඳහා සකස් කර තිබූ කොහු තොගයක් ද විනාශ වී ඇති අතර ගින්න හට ගත් අවස්ථාවේ කර්මාන්තශාලාවේ කිසිවෙකුත් සිට නොමැත.
හලාවත නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩ පැවැත් වූ බව පොලීසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |